“සිදු වුණ දේ ICC සොයා බැලිය යුතුයි” – ජැෆ්නා ස්ටැලියන්ස්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට ද මේ වන විට කෙමෙන් කෙමෙන් දින ළගා වෙමින් පවතිනවා.

පළමු අදියරේ දී මෙන් නොව මෙවර තරගාවලියේ දී ප්‍රේක්ෂකයින්ට ද ක්‍රීඩාංගනයටම ගොස් තරග නැරඹීමේ අවස්ථාව සලසා දීමටයි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ද Supreme TV නාලිකාවට වසර පහක කාලයක් සදහා හිමි වූ බව ඊයේ(29) නිවේදනය කෙරුණා.

තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 5ක් එක් වන නමුත්, පළමු අදියර සදහා සම්බන්ධ වූ කණ්ඩායම් හිමිකරුවන් කිහිප දෙනෙකුම මෙවර තරගාවලියට සම්බන්ධ වන්නේ නැහැ.

ඒ අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙතයි.

ඊට හේතුව වන්නේ පළමු අදියරේ දී ශූරතාවය දිනූ කණ්ඩායම බවට එම කණ්ඩායම පත් වීම පමණක්ම නොවේ.

ඔවුන් වෘත්තීමය ලීග් කණ්ඩායමක් වශයෙන් සැලසුම් සහගතව සිය කටයුතු තරගාවලිය පුරාවටම සාර්ථකව ඉටු කිරීම ද ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනය එම කණ්ඩායම වෙත හිමි වීමට හේතු වුණා.

කෙසේ වෙතත්, මේ වන විට එම කණ්ඩායමේ හිමිකාරීත්වයේ වෙනසක් සිදුව ඇති අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ප්‍රවර්ධක සමාගම වන IPG සමාගම පසුගියදා නිවේදනය කළේ යාපනය කණ්ඩායමේ නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතාගේ ලයිකා සමාගම සතු වී ඇති බවයි.

ඒ අනුව යාපනය කණ්ඩායමේ නම ද ජැෆ්නා කිංග්ස් ලෙස සංශෝදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් දැඩි විරෝධයක් පල කළා.

බලපත්‍ර ගාස්තු නියමිත පරිදි ගෙවීමට ස්ටැලියන්ස් හිමිකරුවන්ට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ට එම කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි වූ බවටයි වාර්තා පල වුණේ.

නමුත්, මෙම චෝදනාව ස්ටැලියන්ස් හිමිකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ හිමිකාරීත්වය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ කිසිදු විනිවිදභාවයක් දැක ගත නොහැකි බවයි.

එමෙන්ම ජගත් ක්‍රිකට් කවුන්සලය ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බැලිය යුතු බව ස්ටැලියන්ස් කණ්ඩායම සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් අද සදහන් කළා.

“ඇත්තෙන්ම, අපේ සමහර අයිතිකරුවන් අමෙරිකාවේ පැවැත්වෙන Major League Cricket තරගාවලිය සදහා මේ වන විටත් ආයෝජන කර තිබෙනවා. ICC විසින් සිදු වූ දෙය බරපතල ලෙස සොයා බැලිය යුතුයි…මොකද එය නිවැරදි නොවන නිසා.” යනුවෙන් ස්ටැලියන්ස් කණ්ඩායම සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...