රුවන් කල්පගේට ඕමාන කණ්ඩායමේ පුහුණු උපදේශක ධූරයක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ඕමාන කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයතු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔහු එලෙස උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බව සදහන්.

ඒ අනුව රුවන් කල්පගේ මහතා ලබන 3 වැනිදා ඕමානය බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතායි.

ලබන 17 වැනිදා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඕමාන කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් ද 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට පෙර ඕමානයේ දී පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද මේ වන විට බංග්ලාදේශය එම තරගය අවලංගු කර තිබෙනවා.

බංග්ලාදේශය එරටට පැමිණ දින 6ක නිරෝධායන කාලසීමාවක් ගත කරන අතර, එහිදී ඕමාන කණ්ඩායමක් සමග තරගයක් ක්‍රීඩා කළහොත් බංග්ලාදේශයේ ජෛව ආරක්ෂිත බුබුලට එය බලපෑමක් එල්ල කරනු ඇති බවත්, ඒ හේතුවෙන් අදාළ තරගය අවලංගු කළ බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...