LPL ගැන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩාංගනයට පැමිණ තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

පූර්ණ වශයෙන් එන්නත් ලබා ගත් ප්‍රේක්ෂකයින්ට ඒ සදහා අවස්ථාව ලබා දීමට අවධානය යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරවල ධාරිතාවයෙන් 25%ක පමණ ප්‍රමාණයකට පමණක් ප්‍රේක්ෂකයන් ඇතුළු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ද සදහන්.

රට තුළ ඉදිරියේ දී පවතින තත්ත්වය ද සලකා බලා ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...