ක්‍රීඩාවේ ජීව ගුණය විදහා පාමින් පාන්ඩ්යා විනිසුරුගෙන් කළ ඉල්ලීම ඉවත් කර ගත් හැටි

Date:

ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි.

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වන පරිදි ක්‍රීඩා කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ දී බොහෝ පාර්ශව අපේක්ෂා කරන කරුණක්.

ජීව ගුණය ආරක්ෂා වන පරිදි මෙන්ම ඊට හානි වන ආකාරයෙන් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරය විවිධ ආවස්ථාවලදී අප ඕනෑ තරම් දැක තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂ කරමින් ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද(28) පැවැති මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයේ දී ද දැක ගත හැකි වුණා.

කෘනාල් පාන්ඩ්යා තමයි මෙහි කතා නායකයා වන්නේ.

පංජාබ් ඉනිමේ 6 වන පන්දුවාරය ඔහු විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ අවසන් පන්දුවට ක්‍රිස් ගේල් විසින් වේගවත් පහරක් එල්ල කළා.

අනතුරුව වේගයෙන් පැමිණි පන්දුව, පන්දු යවන්නාගේ අන්තයේ සිටි පිතිකරුවා වූ කේ.එල් රාහුල්ගේ ශරීරියේ ගැටුණු අතර, පසුව පන්දුව කෘනාල් පාන්ඩ්යා වෙත ඇදී ආවා.

එහිදී ක්ෂණයකින් පන්දුව රැක ගත් පාන්ඩ්යා කඩුල්ල කඩා දැමුවේ කේ.එල් රාහුල් දුවද්දී දවා ගැනීමේ අරමුණින්.

අනතුරුව ඔහු විසින් විනිසුරුගෙන් ඒ සදහා ඉල්ලීමක් ද සිදු කළා. එම අවස්ථාවේ දී විනිසුරු විසින් එය තෙවැනි විනිසුරුට යොමු කළ නමුත්, පසුව පාන්ඩ්යා විසින්ම සිය ඉල්ලීම ඉවත දැමීමට කටයුතු කිරීම බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

රෝහිට් ෂර්මා ද එම අවස්ථාවේ දී කෘනාල් පාන්ඩ්යා විනිසුරුගෙන් කළ ඉල්ලීම ඉවත් කර ගන්නා බවට සංඥා කරනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...