ෆෆ්ගේ සුපුරුදු සුපිරි උඩ පන්දු රැක ගැනීම හමුවේ මෝර්ගන් දැවී ගිය හැටි (වීඩියෝ)

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු දැවැන්ත හයේ පහරවල් හා සුපිරි පන්දු රැකීම් නිරතුරුවම දැක ගැනීමට හැකි වන වේදිකාවක්.

විශේෂයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයමේ ෆෆ් ඩු ප්ලෙසිස් එවැනි සුපිරි උඩ පන්දු රැක ගැනීම් අවස්ථා රැසකදී ම ප්‍රදර්ශනය කර ඇති බව ඔබට මතක ඇති.

මෙවර තරගාවලියේ 38 වන තරගය අද(26) අබුඩාබි හී දී ආරම්භ වූ අතර, එම තරගයේ දී ද කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ඔයින් මෝර්ගන්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ඔහු සුපිරි උඩ පන්දු රැක ගැනීමක් සිදු කළා.

හයේ සීමාව ආසන්නයේ සිට ඔහු මෙම සුපිරි උඩ පන්දු රැක ගැනීම සිදු කළ අතර, එහිදී පළමුව උඩ පන්දුව රැක ගැනීමෙන් පසුව ඩු ප්ලෙසිස් විසින් පන්දුව ගුවනට විසි කර ඔහු සීමාවෙන් පිටතට ගියේ සිය සමබරතාවය ගිලිහී යාම හේතුවෙන්.

අනතුරුව යළි සීමාවෙන් ඇතුළට පැමිණි ඔහු උඩ පන්දුව රැක ගනු ලැබුවා. ඒ වන විට පන්දුව හයේ සීමාවෙන් පිටත ගුවනේයි රැදී තිබුණේ.

දර්ශන පහතින් –

මේ අතර, මෙම තරගයේ ආරම්භක පන්දුවාරයේ දී ෂුබ්මන් ගිල් දුවද්දී දවා ගැනීම සදහා පන්දුව කෙළින්ම කඩුල්ලට විසි කරමින් සුපිරි පන්දු රැකීමක් ප්‍රදර්ශනය කිරීමට ද චෙන්නායි පිලේ අම්බටි රයිදු සමත් වුණා.

ෂුබ්මන් ගිල් ඊට පෙර පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස ද විනිසුරු විසින් නම් කළ නමුත්, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගනිමින් ඔහු යළි පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

කෙසේ වෙතත්, ඊළග පන්දුවේ දී ඔහු දුවද්දී දැවී ගියේ ලකුණු 9ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...