මහේලගේ ආගමනය පිළිබඳ මිකී ආතර් පල කළ අදහස

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සීමිත දින ගණනක් පමණයි.

ලෝක කුසලානයේ සුපිරි 12 වටයට මේ වන විටත් රටවල් 08 ක් සුදුසුකම් ලබා ඇති අතර, තවත් රටවල් කිහිපයක් ලෝක කුසලානයේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනිම වෙනුවෙන් පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයකට උරුමකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායමට ද පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට සිදුව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු වටයේ තරග එළඹෙන ඔක්තෝබර් 18 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල් පත්ව සිටිනවා.

මෙම තරග වටය සදහා පුහුණු උපදේශකවරයකු ලෙස මුම්බායි ඉන්දියන්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක මේ වන විට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගේ සහයෝගය ලබාගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර සිටියා.

මේ පිළිබඳව දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන්ගේ ද සුබවාදී අදහස් දැකගන්නට ලැබුණා.

මහේල ජයවර්ධනගේ මෙම ආගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද අදහස් දක්වා තිබුණා.

තමා මීට පෙර ද මහේල ජයවර්ධන සමග වැඩකටයුතු සිදුකර ඇති බවත්, තමා සමග කටයුතු කළ අය අතරින් මහේල ජයවර්ධන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ බුද්ධියක් සතු අයෙකු බවත් මිකී ආතර් සදහන් කළා.

ශ්‍රී ලංකා කදවුර තුළ ඔහු සමග වැඩ කටයුතු කිරීමට වඩාත් උත්යෝගයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා පුහුණුකරු වැඩිදුරටත් පවසා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...