ඔස්ට්‍රේලියාවේ ලෝක වාර්තා ගමන ඉන්දියාව අවසන් පන්දුවාරයේ දී නවතයි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(26) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් තරගයෙන් අද ඔස්ට්‍රේලියානු කාන්තා පිලට අත්විදීමට සිදු වූයේ ඓතිහාසික පරාජයක්. ඊට හේතුව නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද තරගයට පෙර අඛණ්ඩව එක්දින තරග ජයග්‍රහන 26ක් වාර්තා කර තිබීමයි. එය ලෝක වාර්තාවක් වන අතර, මීට පෙර කිසිදු පිරිමි ජාතික කණ්ඩායමක් හෝ එවැනි දක්ෂතාවයක් අඛණ්ඩව දක්වා නැහැ.

අඛණ්ඩව 27 වැනි තරගය ද ජය ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට එරෙහිව වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුණේ ඉන්දීය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම සාර්ථක හඹා යාම ද සටහන් කරමින්.

Mackay හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 264ක් රැස් කළා.

ඒ, Ashleigh Gardner ලබා ගත් ලකුණු 67න් හා බෙත් මූනි රැස් කළ ලකුණු 52න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් Jhulan Goswami හා Pooja Vastrakar කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී (පන්දුවාර 49.3ක් තුළ) ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි. Yastika Bhatia ලකුණු 64ක් හා ශෆාලි වෙර්මා ලකුණු 56ක් රැස් කළා. පන්දු යැවීමේ දී Annabel Sutherland කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් ඉන්දියාවට කඩුලු 2ක වාර්තාගත ජයක් හිමි වුණා. එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක වාර්තා අලුත් කරමින් ගිය ජයග්‍රාහී ගමන ද අදින් නිමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...