ඒක හඹා යා හැකි ඉලක්කයක් : සංගක්කාර

Date:

රාජස්ථාන් රෝයල්ස් නායක සංජු සැම්සන් සමග සාර්ථක සබදතාවයක් ගොඩ නැගීමට කිසිදු පිතිකරුවෙකුට නොහැකි වීම, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවැති තරගය පරාජයට පත් වීමට බලපෑ බව රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර මහතා පවසනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවැති 36 වන තරගයෙන් රාජස්ථාන් කණ්ඩායම ලකුණු 33කින් පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

අබුඩාබිහි පැවැති මෙම තරගයේ දී රාජස්ථාන් ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කරමින්. කෙසේ වෙතත්, එම ඉලක්කය හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් නොදැවී ලකුණු 70ක් රැස් කළේ පන්දු 53කින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර පෙන්වා දෙන්නේ ජයග්‍රහනය සදහා හඹා යාමට හිමි වූ ලකුණු සංඛ්‍යාව සිය කණ්ඩායමේ පිතිකරුවන් පිළිබද සලකා බැලීමේ දී ලබා ගත හැකිව තිබූ ලකුණු ප්‍රමාණයක් බවයි.

“නායකයාට (සැම්සන්ට) එය අමාරු දෙයක්, ඔහු හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. අපට අවශ්‍ය වූයේ ඔහු සමඟ රැඳී සිටීමට කෙනෙක්. අවාසනාවන්ත ලෙස අඛණ්ඩව කඩුලු බිද වැටුණා, සංජුට ඉක්මනින් නිදහස් වීමට ඉඩ දුන්නේ නැහැ” යනුවෙන් සංගක්කාර සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...