අත්හිටුවූ තරගය නිසා ලබන වසරේ දී එංගලන්තය හා ඉන්දියාව අතර එක් ටෙස්ට් තරගයක්

Date:

ඉන්දියාව හා එංගලන්තය අතර ලබන වසරේ ගිම්හාන තරග වාරයේ දී එංගලන්තයේ දී ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිත බවට දෙරටේ ක්‍රිකට් ආයතන තහවුරු කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, මෙවර ගිම්හාන තරග වාරයේ දී දෙරට අතර සංවිධාන කළ තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන්.

ඉන්දීය සංචිතය තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම නිසා එලෙස අදාළ තරගය අත්හිටුවීමට සිදු වුණා.

ඒ අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ලබන වසරේ දී ඉන්දීය කණ්ඩායම සිදු කිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ දී ටෙස්ට් තරගයක් ද ක්‍රීඩා කිරීමට මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම තරගය දෙරට අතර පවත්වා අවසන් කිරීමට නොහැකි වූ තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ ම අවසන් තරගය ලෙස පවත්වන්නේ ද? නැතහොත් එක් ටෙස්ට් තරගයක් ලෙස පමණක් (ස්වාධීන තරගයක් ලෙස) පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

අවසන් ටෙස්ට් තරගය අත්හිටුවීමට ගත් තිරණය හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනයට දැඩි මූල්‍ය අලාභයක් ද සිදු වුණා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග 4න් තරග 2ක් ඉන්දියාව ජය ගත් අතර, එක් තරගයක් එංගලන්තය ජය ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...