මෙරට දේශීය තරග වාරය ලබන 20 වනදා සිට පැවැත්වීමට අවධානය

Date:

මෙරට දේශීය ක්‍රිකට් තරග වාරය ලබන 20 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ලබන පළමු වැනිදා නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් පමණක් එලෙස තරග ආරම්භ කිරීමට නියමිතව ඇති බව සදහන්.

සීමිත පන්දුවාර හා ප්‍රධාන ක්‍රීඩා සමාජ ලීග් තරගාවලියකින් යුත් දේශීය තරග වාරය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, රට තුළ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

මේ වන විට පවතින නිරෝධායන ඇදිරි නීතිය ලබන පළමු වැනිදා ඉවත් කළහොත් සීමිත පන්දුවාර තරගාවලිය ලබන 20 වනදා ආරම්භ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා සමාජ වෙත දැනුම් දී ඇති බව සදහන්.

ඒ අනුව ලබන 10 වනදා වන විට ක්‍රීඩා සමාජ විසින් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කර අවසන් කළ යුතුයි.

ඔක්තෝබර් 13 වනදා පැවැත්වීමට නියමිත රැස්වීමකදී තරගාවලියන්ට අදාළ තරග කාලසටහන සකස් කර අවසන් කරනු ඇති.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට ද තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(23) නිවේදනය කළා.

ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද(24) සිට ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ඔක්තෝබර් 05 වනදා දක්වා තම ලියාපදිංචිය සිදු කළ හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...