නටරාජන් වෙනුවට මලික් තාවකාලිකව සන්රයිසස් කණ්ඩායමට

Date:

වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් කෙටි කාලීන කොවිඩ් 19 ක්‍රීඩක ආදේශ කිරීමක් වශයෙන් ටී. නටරාජන් වෙනුවට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පසුගිය 22 වනදා පැවැති අයි.පී.එල් තරගයට පෙරයි නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනේ.

ඒ හේතුවෙන් ඔහුගේ සමීප ආශ්‍රිතයින් වූ සන්රයිසස් සාමාජිකයින් 6 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද සිදු වුණා.

21 හැවිරිදි උම්රාන් මලික් ජම්මු කාශ්මීරය වෙනුවෙන් එක් 20යි 20 තරගයකට හා එක්දින තරගයට (List A) ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 4ක් ද බිද හෙලීමට සමත් වුණා.

ඔහු මේ වන විටත් සන්රයිසස් කණ්ඩායම සමග රැදී සිටින්නේ දැල් පන්දු යවන්නෙකු වශයෙන්.

නටරාජන් සුවය ලබා යළි කණ්ඩායම සමග එක් වන තුරු පමණක් උම්රාන් මලික් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...