ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.

ලබන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දී ඔහු එලෙස උපදේශකයෙකු ලෙස කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ වන විට මහේල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින්නේ අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරන බැවින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දී ම එක් වීමට නියමිතයි.

ඒ, ජෛව ආරක්ෂිත බුබුලකින් තවත් බුබුලකට හුවමාරු වීමේ ක්‍රමවේදය යටතේයි.

ඔහු ඔක්තෝබර් 16 වනදා සිට 23 වනදා දක්වා දින 7ක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදී සිටිනු ඇති.

එම කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා වයස අවුරුද 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද මාස පහක කාලයක් සදහා මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

එම කාලය තුළ දී ඔහු වැටුප් ලබා ගැනීමකින් තොරව අදාළ ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී ලබන වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින් එම පත් කිරීම සිදු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...