කඩුලු 8ක පහසු ජයක් සමගින් දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වන තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඩුබායිහි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

  • සන්රයිසස් හයිදරාබාද් 134/9 (20)

කෙසේ වෙතත්, එම තිරණයට සාධාරණයක් ඉටු කිරීමට සන්රයිසස් පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

ආරම්භක කඩුල්ල ලකුණු ලබා ගැනීමටත් පෙර දැවී ගියේ ඩේවිඩ් වෝනර් පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන්ම දැවී යාමත් සමගයි.

ව්රිධිමන් සහා හා කේන් විලියම්සන් ලකුණු 18 බැගින් රැස් කළා. කෙසේ වෙතත්, විලියම්සන් ඊට වැය කළ පන්දු ප්‍රමාණය 26ක්.

මනීෂ් පාන්ඩේ ලකුණු 17කට දැවී ගිය අතර, කෙදාර් ජාදාව් රැස් කළේ ලකුණු 3ක් පමණයි. සන්රයිසස් ඉනිම යම් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය අබ්දුල් සමාද් ලකුණු 28(21)ක් හා රෂීඩ් ඛාන් ලකුණු 22(19)ක් ලබා ගත්තා. ජේසන් හෝල්ඩර් ලකුණු 10යි.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා පන්දුවාර 4 තුළ ලකුණු 12කට කඩුලු 2ක් හා අක්සාර් පටෙල් ලකුණු 21කට කඩුලු 2ක් බිද හෙලුවා. කාගිසෝ රබාඩා ලකුණු 37කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

  • දිල්ලි කැපිටල්ස් 139/2 (17.5)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි ඉනිමේ පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 20කට සීමා වුණා. ඒ, ප්‍රිත්වි ශෝ ලකුණු 11කට දැවී යාමත් සමගයි. කේන් විලියම්සන් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.

ශිකර් ධවාන් ලකුණු 42කට දැවී ගියා. දිල්ලිය ජයග්‍රහනය කරා රැගෙන ගිය හිටපු නායක ෂ්රෙයස් අයියර් හා නායක රිෂාබ් පාන්ට් පිළිවෙලින් ලකුණු 47*ක් හා 35*ක් රැස් කළා. ඔවුන් දෙදෙනාගේම ඉනිම් සදහා හයේ පහර දෙක බැගින් ඇතුළත්. අයියර් හතරේ පහර දෙකකින් සිය ඉනිම වර්ණවත් කරද්දී පාන්ට්ගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් වුණා.

ඒ අනුව ඉනිම නිමා වීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී ඔවුන් ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා රෂීඩ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...