ස්ත්‍රී-පුරුෂ භේදය ඉවත් කරමින් MCC යෙන් ක්‍රිකට් නීති සංශෝදනයක්

Date:

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතුයි.

1787 වසරේ දී අදාළ ක්‍රීඩා සමාජය ආරම්භ කළ දා සිට ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ මෙම සංශෝදනය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බවයි.

“ක්‍රිකට් යනු සියලු දෙනාගේම ක්‍රීඩාවක් බව එම්.සී.සී විශ්වාස කරන අතර මෙම පියවර මඟින් නූතන යුගයේ ක්‍රීඩාවේ වෙනස්වන ස්වභාවය හඳුනා ගන්නවා.” යනුවෙන් එම්.සී.සී ක්‍රිකට් හා මෙහෙයුම් කටයුතු පිළිබද සහකාර ලේකම් Jamie Cox සදහන් කළා.

මේ වන විට MCC සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...