මාස 10න් දින 228ක් බුබුලු තුළ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද යළිත් බුබුලකට ඇතුළු වෙයි

Date:

එළඹෙන ඕමාන තරග සංචාරය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(21) යළි ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළු වී තිබෙනවා.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් එලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් පසුගිය මාස 10ක කාලය තුළ දින 228ක් ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටි බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සදහන් කළා.

“සෑම කෙනෙකුගේම ආකල්පය සහ කැපවීම ගැන ආඩම්බරයි! සෑම දිනකම වර්ධනය වී මේ රටට සාර්ථකත්වය ගෙන ඒමට අපි අදිටන් කරගෙන සිටිමු!” යනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටියා.

ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතත්, ඊට ඇතුළත්ව සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරග සංචාර දෙක ඔහුට අහිමි වී ඇති බව සදහන්.

කුසල් ජනිත් පෙරේරා ද ආබාධයකට ලක්ව ඇතත්, ඔහු ඉදිරි තරගාවලි දෙක සදහා ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත වශයෙන් අවසන් තීරණයකට එළඹ නැහැ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට අමතරව, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ලෝක කුසලාන සංචිතය සදහා නම් කෙරුණා.

ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම සැලකිල්ලට ගනිමින් තවත් අමතර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් රැගෙන යාමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

මේ අතර, ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටිනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...