වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය අද(20) පැවැත්වෙනවා.

ඒ, විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ඔයින් මෝර්ගන් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

බැංගලෝර් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත්.

බොහෝ විට අද තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදු හසරංගට උදා විය හැකි බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව බැංගලෝර් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා ලෙස වනිදු සමග ග්ලේන් මැක්ස්වෙල්, ඒ.බී. ඩි විලියර්ස් හා ක්යිල් ජමිසන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

අද තරගය විරාට් කෝලි ක්‍රීඩා කරන 200 වැනි අයි.පී.එල් තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...