“සුකු’මාලි’ නුඹ තමා” මාලිංග වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් පල කළ අලුත්ම පෝස්ට් එක

Date:

වාර්තා පිට වාර්තා පිහිටුවා පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඔහුගේ අනාගත දිවිය සදහා ලොව නන්දෙසින් තවදුරටත් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

එමෙන්ම ඔහු ක්‍රීඩාව වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් ලැබෙමින් පවතින ගුණ ගායනාවලද අඩුවක් නැහැ.

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නාමයක් සටහන් කරමින්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ මෙහෙය මෙතකැයි කිව නොහැක. එම‍ෙන්ම ඔහු නිසා ශ්‍රී ලංකාවට මෙන්ම මුම්බායි ඉන්දියන්ස් ප්‍රමුඛ ලීග් කණ්ඩායම් සදහා හිමි වූ ජයග්‍රහන මෙතකැයි ද කිව නොහැක.

යෝකර් පන්දුවේ රජු ලෙස සැලකෙන ලසිත් මාලිංග වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ සමාජජාලා ගිණුම් තුළින් ද මේ දිනවල නිරතුරුවම විවිධ සටහන් පල කරනු දක්නට ලැබෙනවා.

අද දිනයේ දී ඔවුන් අලංකාර සිතුවමක් ද සමගින් සුවිශේෂී සටහනක් තබා තිබුණා.

2019 වසරේ දී ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ සිය අවසන් පන්දුව යොමු කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට යළිත් වරක් අයි.පී.එල් ශූරතාවය හිමි කර දීමට පුරෝගාමියා වෙමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ දී ලැබූ එම ජයග්‍රහනය සිහිපත් කරමිනුයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය සමාජජාලා පිටුවලට අද සිතුවමක් සමග සටහනක් පල කර තිබුණේ.

මේ දිනවල ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල වඩාත් ජනප්‍රිය “මැණිකේ මගේ හිතේ” නම් ගීතයේ කොටසක් ද මෙම සටහනට ඇතුළත් කර තිබීම කැපී පෙනනවා.

එම සටහන අවසන් කර තිබුණේ “සුකු’මාලි’ නුඹ තමා” යනුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...