“වනිදු හා චමීරගේ දක්ෂතා එක්සත් අරාබියේ දී අපිට විශාල සහායක් වේවි” : කෝලි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය කණ්ඩායම සමග එක්වීම, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලදී සිය කණ්ඩායමේ සාර්ථකත්වයට විශාල සහායක් වනු ඇති බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසනවා.

විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයන් සලකා බැලීමේ දී එම ක්‍රීඩකයින් දෙදෙනා සිය කණ්ඩායම සතු වීම විශාල සහායක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අතථ්‍ය වැඩසටහනකට අද(18) එක්වෙමින් විරාට් කෝලි මේ බව සදහන් කළා.

ඇඩම් සම්පා හා කේන් රිචර්ඩ්සන් වැනි ක්‍රීඩකයින් ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකිරීම කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල නොකරනු ඇති බව කෝලිගේ අදහසයි.

උප මහාද්වීප කලාපයේ තත්ත්වයන් සම්බන්ධයෙන් අවබෝධයක් සහිත ක්‍රීඩකයින් කණ්ඩායම සමග එක්ව සිටීම ඊට හේතුව බවයි බැංගලෝර් නායකයා සදහන් කර සිටියේ.

“එම ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශ කළ ක්‍රීඩකයින් දෙදෙනා මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් හොද දැනීමක් තියෙන ක්‍රීඩකයින්.” යනුවෙන් කෝලි කියා සිටියා.

“උප මහද්වීපයේ තත්ත්වයන් මෙම කාලයේ දී ගොඩක් දුරට සමානයි. වනිදු හා දුෂ්මන්ත ගොඩක් තරග ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන්ට තේරෙනවා මෙම තණතීරුවල ක්‍රීඩා කළ යුතු ආකාරය. ඔවුන්ගේ දක්ෂතා අපට විශාල උපකාරයක් වේවි.”

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග හෙට(19) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(20) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

නිමා වූ 20යි 20 තරගවලදී වැඩි දක්ෂතාවයක් දැක් වූ වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට එම තරගයේ දී ඇතුළත් වීමට වැඩි අවස්ථාවක් ද පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...