තරග 5ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ සිදු කිරීමට නියමිත ඉන්දීය තරග සංචාරයට අයත් එක් ටෙස්ට් තරගයක් මුම්බායි හී දී පැවැත්වීමට නියමිතව ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි තරග වාරයට අදාළ තරග කාලසටහන කඩිනමින් සකස් කර අවසන් කරනු ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් හා 20යි 20 තරග 3ක් ඇතුළත් බව සදහන්.

ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

පෙබරවාරි හා මාර්තු මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යෙදී තිබෙනවා.

2023 වසරේ මාර්තු 31 දක්වා ක්‍රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට, පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව බංග්ලාදේශයේ දී හා නවසීලන්තයේ දී ද ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...