ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීමේ අදහසින් මහේල ඉන්දියාවේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාර ගැනීම සදහා සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට රවී ශාස්ට්‍රී කටයුතු කරන නමුත්, ඔහුගේ සේවා කාලය එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වනවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ මීළග ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වන්නේ කවුරුන්දැයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කරුණක්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ධූරය සදහා යළිත් අනිල් කුම්බ්ලේ පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි.

කුම්බ්ලේ මිට පෙර ද ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහු 2017 වසරේ දී එම ධූරයෙන් ඉල්ල අස් වුණා.

විරාට් කෝලි සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත ඔහු ධූරයෙන් ඉවත් වූ බවටයි වාර්තා පල වුණේ.

ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ නමුත්, මහේල එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බැවින් මහේල එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේනම් එම පුද්ගලයාට ක්‍රිකට් සම්බන්ධ වෙනත් කිසිදු ධූරයකට කටයුතු කළ නොහැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...