වනිදු හා චමීර එක්සත් අරාබියට ළගා වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ළගා වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග ඊයේ(14) නිමා වූ 20යි 20 තරගාවලියෙන් පසුව ඔවුන් දෙදෙනා අද දිනයේ දී විශේෂ ගුවන් යානයකිනුයි එරට බලා පිටත්ව ගියේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන 19 වනදා ආරම්භ වීමට නියමිත අතර, එම තරගාවලියේ දී වනිදු හා චමීර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිතය සමග ඔක්තෝබර් 10 වනදා යළි එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...