ක්‍රීඩාංගනයේ සිට IPL බලන්න ප්‍රේක්ෂකයින්ටත් අවසර

Date:

මෙවර අතරමගදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන 19 වනදා ඩුබායිහී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, පස්වරක් ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා තෙවරක් ශූරතාවය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර එදින පැවැත්වෙන තරගයත් සමගයි.

මෙම තරගයේ සිට අයි.පී.එල් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට පිවිසීමට යළි අවසර ලබා දීමටයි තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට පිවිස තරග නැරඹිම සදහා අවසර හිමි වී තිබුණේ නැහැ.

ඒ අනුව හෙට(16) සිට තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වී තිබෙනවා.

තරගාවලියේ ඉතිරි තරග ඩුබායි, සාජා හා අබුඩාබිහී දී පැවැත්වෙන අතර, කොවිඩ් 19 මාර්ගෝපදේශ හා එක්සත් අරාබි එමීර් රජයේ මාර්ගෝපදේශ අනුව ප්‍රවේශපත්‍ නිකුත් කරනුයේ සීමිත ආසන සංඛ්‍යාවක් සදහා පමණයි.

www.iplt20.com හා PlatinumList.net යන වෙබ් අඩවි තුළින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි IPL සංවිධායකයින් නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...