කුසල් පෙරේරා ගැන සුබ ආරංචියක්

Date:

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඊයේ(14) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි 20යි 20 තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී කුසල් පෙරේරා මෙලෙස පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් පන්දු රැකීම සදහා ද ඔහු එක් වූයේ නැහැ.

ආබාධය නිසා ඔහුට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතු වී තිබුණ ද අද පස්වරුවේ ලැබුණු වෛද්‍ය පරීක්ණවල ප්‍රතිපල අනුව එවැනි අවධානමක් නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.

කෙසේ වෙතත්, ආබාධයකට ලක් වූ ළහිරු මදුෂංකට එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...