වනිදු 1 වී යළි 2 වෙයි, ශ්‍රේණිගත ලකුණුත් පහතට; කුසල් ස්ථාන 10කින් ඉදිරියට

Date:

නවතම පන්දුවාර 20යි 20 ශ්‍රේණගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) නිවේදනය කළා.

ඊට අනුව පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සිට තවදුරටත් හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ වනිදු හසරංගට හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාටම හිමිව තිබූ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව පහත වැටී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති 20යි 20 තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත ලකුණු 792කට හිමිකම් කියූ ශම්සිට මේ වන විට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 775ක්. වනිදුගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 747 දක්වා පහත වැටී ඇත්තේ 764 සිටයි.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් පසුව දැක් වූ දක්ෂතා අනුව වනිදු හසරංග ශ්‍රේණිගත ලකුණු 772ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට ද පත්වූ බවයි අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් සටහන්හි දැක්වෙන්නේ. ඒ, ශම්සිගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව ද පළමු තරගයෙන් පසුව 772 දක්වා පහත වැටීම හේතුවෙන්.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ දී දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් දැක් වූ දක්ෂතා අනුව ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

අදාළ තරගාවලියේ දී ඩී කොක් ලකුණු 153ක් රැස් කළ අතර, ඒ අනුව ඔහු 8 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

රීසා හෙන්ඩ්‍රික්ස් 20 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ඒඩ්න් මාක්‍රම් 11 වන ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 39 වන ස්ථානය දක්වා ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

මේ අතර, බංග්ලාදේශයේ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 8 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

  • වනිදු හසරංග හා ටැබ්රයිස් ශම්සිගේ ශ්‍රේණිගත ස්ථාන පසුගිය 10 වැනිදා හා අද දිනයේ දී දක්නට ලැබෙන අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...