ඉසුරුගේ නයිට් රයිඩර්ස් කණ්ඩායම අද අවසන් පූර්ව තරගයට

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(14) ආරම්භ වනවා.

පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දිනා ගත් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ද ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් හෙට(15) අලුයම 12 ට ආරම්භ වනවා.

ඒ, ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම අතරයි.

තිසර පෙරේරා මෙවර තරගාවලියේ දී බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ අවසන්(6) ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...