“ඒ ගැන කිසිම කණගාටුවක් නැහැ” – බෙන් ස්ටොක්ස්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමා කිසිසේත් කණගාටු නොවන බව එම තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බෙන් ස්ටොක්ස් පවසනවා.

ඒ, පළමු තරගයෙන් කඩුලු 4ක පරාජයක් ලැබීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම පන්දු යවන්නන්ට වාසි දායක කාළගුණ තත්වයක් තිබියදී තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද කණගාටුවක් නොමැති බව ස්ටොක්ස් පෙන්වා දුන්නා.

මෙම තරගයට තමාව ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ස්ටුවට් බ්‍රෝඩ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා සිය නොසතුට ද පල කරමින් කියා සිටියේ තමා එම තීරණයෙන් කළකිරීමට සහ කෝපයට පත්ව සිටින බවයි.

කෙසේ වෙතත්, මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දැක් වූ බෙන් ස්ටොක්ස් සදහන් කළේ එම තීරණ සම්බන්ධයෙන් තමා කණගාටු නොවන බවයි.

“අපි පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණයට මම එකගයි. මම ඒ තීරණයට කණගාටු වෙනවනම් ඒකෙන් හොද පණිවිඩයක් සෙසු ක්‍රීඩකයින්ට යන්නේ නැහැ. මම හිතන්නේ ස්ටුවට්ගේ සම්මුඛ සාකච්ඡාව ඉතාමත් හොද එකක්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ හැගීම් සහ ආශාවන් එලෙස පවතිනවා දැකීම ඉතාමත් හොද දෙයක්.”

යනුවෙන් බෙන් ස්ටොක්ස් සදහන් කළා.

නිත්‍ය නායක ජෝ රූට් පෞද්ගලික හේතුවක් නිසා මෙම තරගයට ක්‍රීඩා නොකළ නමුත්, ඔහු දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

බෙන් ස්ටොක්ස් දැක් වූ අදහස් ඇතුළත් වීඩියෝ දර්ශන පහතික් – (දර්ශන අනුග්‍රහය cricinfo / ECB)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...