මැතිව් හේයිඩ්න් හා වර්නන් ෆිලැන්ඩර් පාකිස්තානයේ පුහුණුකරුවන් ලෙස පත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරුවෙකු වන මැතිව් හේයිඩ්න් හා දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ හා පන්දු යැවීමේ පුහුණු උපදේශකවරු ලෙස පත් කර තිබෙනවා.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එම පත් කිරීම් සිදු කළ බවයි එරට ක්‍රිකට් ආයතනයේ නව සභාපති රමීස් රාජා සදහන් කළේ.

කණ්ඩායම සදහා ප්‍රධාන පුහුණුකරුවෙකු ද පත් කිරීමට නියමිත බව රමීස් රාජා සදහන් කළා. කෙසේ නමුත්, ඒ කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

මැතිව් හේයිඩ්න් හා වර්නන් ෆිලැන්ඩර් ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස ඉතා ඉහළ කීර්ති නාමයක් හිමි කර ගෙන ඇති නමුත්, ඔවුන් දෙදෙනාටම පුහුණුකරුවන් ලෙස කිසිදු අත්දැකීමක් නැහැ.

පාකිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිස්බා උල් හක් හා පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් පසුගිය සතියේ දී සිය තනතුරුවලින් ඉල්ලා අස් වුණේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ දිනයේ දී ම යි.

ඔවුන් වෙනුවට සක්ලයින් මුස්ටක් හා අබ්දුල් රසාක් පුහුණුකරුවන් ලෙස තාවකාලිකව පත් කිරීමට ද පියවර ගැණුනා.

ඒ, එළඹෙන නවසීලන්ත තරගාවලිය අරමුණු කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...