ඉසුරු උදානගේ තුන් ඉරියව් දක්ෂතා නයිට් රයිඩර්ස් පිල පළමු තැනට ගෙන එයි

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන්ව තිබෙනවා.

මූලික වටයේ අවසන් තරගය ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති අතර, එම තරගයෙන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 4කින් ජය වාර්තා කළා.

ඉසුරු උදාන තුන් ඉරියව්වෙන් දැක් වූ සුපිරි දක්ෂතා ද හේතුවෙන් ඔවුන් එම තරගය ජය ගත් අතර, එම ජයත් සමගින් නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත් වුණා.

ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා. ජොෂුවා ද සිල්වා ලකුණු 50යි.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන පන්දුවාර 4 තුළ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ඩ්වේයන් බ්‍රාවෝ හා Dominic Drakes. අලී ඛාන් ලකුණු 19කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා තරගය ජය ගත්තා.

නායක කිරන් පොලාඩ් පන්දු 22කින් ලකුණු 51ක් රැස් කළා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් සමගින්. කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඉසුරු උදාන පන්දු 16කින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා. හයේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 10කදී ජයග්‍රහන 6ක් සමගින් ලබා ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

ගයානා ඇමසන් වොරියර්ස් හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12 බැගින් ලබා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර ගත් අතර, ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් ලබා සිව්වැනි ස්ථානයට පත් වුණා.

ඒ අනුව හෙට ආරම්භ වන අවසන් පූර්ව වටයේ ස්ථාන හිමි කර ගත්තේ එම කණ්ඩායම් 4යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...