කෝලි ඉල්ලා අස් වීමට සූදානම්; නව නායකත්වය ෂර්මාට හිමි වන ලකුණු

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඔහු එම තීරණය ගැනීමට ඉඩ ඇති බවටයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

සිය පිතිකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වීමේ තීරණය ගැනීමට නියමිත බව සදහන්.

පසුගිය වසර දෙකක පමණ කාලය තුළ කෝලිගේ පිතිකරණ දක්ෂතා යම්තාක් දුරටකට පහත වැටුණු අතර, අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර ඇත්තේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

ඒ අනුව ඉන්දීය එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකත්වය වත්මන් උප නායක හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මාට ඉදිරියේ දී හිමි වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම නායකයෙකු ලෙස විරාට් කෝලි සැලෙකන නමුත්, ඔහුගේ නායකත්වය යටතේ තවමත් ඉන්දීය ජාතික කණ්ඩායමට අයි.සී.සී ශූරතාවයක් දිනා ගැනීමට හැකි වී නැහැ.

කෝලි එක්දින තරග 95කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ඉන් තරග 65කදී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට ඔහු සමත් වුණා.

20යි 20 ජාත්‍යන්තර තරග 45ක නායකත්වය දැරූ ඔහු ඉන් තරග 29ක ජය ඉන්දියාවට හිමි කර දුන්නා.

ටෙස්ට් පිටියේ ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම නායකයා ලෙස කෝලි සැලකෙන අතර, ඔහු ටෙස්ට් තරග 65ක නායකයා වෙමින් ඉන් තරග 38ක් ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...