පාකිස්තාන ක්‍රිකට් මුල් පුටුව රමීස් රාජාට

Date:

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රමීස් රාජා තේරී පත්ව තිබෙනවා.

අද(13) පැවැති රැස්වීමකදී ඔහු ඒකමතිකව හා නිතරගයෙන් ඒ සදහා තේරී පත් වූ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩයමේ හිටපු නායකයෙකු මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ 36 වන සභාපතිවරයායි.

වසර 3ක කාලයක් සදහා ඔහු එම ධූරයෙහි කටයුතු කිරීමට නියමිතයි.

1992 වසරේ ලෝක කුසලානය දිනූ පාකිස්තාන කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ රමීස් රාජා, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ සිව්වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ද වනවා.

1984 වසරේ සිට 1997 වසර දක්වා පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ රමීස් රාජා ජාත්‍යන්තර තරග 255කදී ලකුණු 8674ක් රැස් කර තිබුණා.

2003-04 කාලයේ දී රමීස් රාජා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...