RCB ට්විටර් ගිණුම හැකර්කරුවන් යටතට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, හැකර්කරුවන්ගේ පාලනයේ තිබූ සිය ගිණුම පැය කිහිපයකින් අනතුරුව යළි සිය පාලනය යටතට පත් කර ගැනීමට හැකි වූ බවයි RCB කණ්ඩායම නිවේදනය කළේ.

හැකර්කරුවන් විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩ මේ වන විට සිය ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද RCB කණ්ඩායම සදහන් කළා.

මේ අතර, RCB කණ්ඩායමේ නායක විරාට් කෝලි හා වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් මේ වන විට එංගලන්තයේ සිට ඩුබායි නුවර වෙත පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඔවුන් දෙදෙනා දින 6ක කාලයක් නිරෝධායනයට ලක්වීමෙන් පසුව RCB කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුල වෙත එක් වනු ඇති.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...