බ්‍රෙන්ඩන් රෝස් ටේලර් වාර්තාවක් අභියසදී ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Date:

සිම්බාබ්වේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද(13) අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයෙන් අනතුරුවයි.

2004 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් ටේලර් වසර 17ක් පුරා සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළා.

එහිදී ඔහු ටෙස්ට් තරග 34කට, එක්දින තරග 204කට හා 20යි 20 තරග 45කට ක්‍රීඩා කර තිබෙනවා.

එක්දින ලකුණු 6,677ක් රැස් කර ඇති 35 හැවිරිදි බෙන්ඩන් රෝස් මරේ ටේලර් සිය අවසන් තරගයේ දී ලකුණු 110ක් ලබා ගතහොත් සිම්බාබ්වේ දේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා ලෙස ද ඉතිහාසගත වනවා.

එක්දින ශතක 11කට හිමිකම් කියන ටේලර් එරට වෙනුවෙන් වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...