ශ්‍රී ලංකාවට එරෙහිව නැමීබියාවෙන් එන වීසාගෙන් CPL පිටියේ දී විශිෂ්ඨ පන්දු යැවීමක්

Date:

කැරබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම සහ ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (11) දිනයේ පැවති තරගය නිමාව දුටුවේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයග්‍රහණයක් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට අත්කරදෙමින්.

එහිදී ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5 ක් බිඳ හෙලීමට හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසා සමත්වුණා.

36 හැවිරිදි ඩේවීඩ් වීසා වර්ථමානයේ නැමීබියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්වී සිටින අතර, ඔහු එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාලිය සදහා ද නැමීබියාව නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ද නැම්බියානු කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

CPL තරගාවලියේ 25 වන තරගය වූ ඊයේ පැවැති අදාළ තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 175 ක්.

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 54 කදී ලකුණු 84 ක් රැස්කිරීමට සමත්වුණා.

ටිම් ඩේවිඩ් පන්දු 23 කදී ලකුණු 34 යි. ඩේවීඩ් වීසා ලකුණු 17 ක් ලබාගත් අතර කීමෝ පෝල් නොදැවී ලකුණු 22*(11) යි.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ රොස්ටන් චේස් ලකුණු ලබා ගැනීමටත් පෙර යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට රෝයල්ස් පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් කඩුලු 2 ක් බිඳ හෙලු අතර, ජේසන් හෝල්ඩර්, ජොෂුවා බිෂෝප්, හේඩ්න් වෝල්ෂ් සහ නයීම් යන්ග් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පන්දුවාර 20 තුළ ලකුණු 176 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහෑ.

ඔවුන්ගේ මුල් කඩුලු 05 ම ලකුණු 79 කදී බිඳ වැටුණා.

අනතුරුව වර්ෂාවෙන් ද තරගයට බාධා එල්ල වූ බැවින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව බාබඩෝස් කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 170 ක්.

ජේසන් හෝල්ඩර් සහ හේඩන් වෝල්ෂ් සටන්කාමී ඉනිම් දියත්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට උත්සාහ දැරුවත් පන්දුවාර 19 ක් තුළ කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කරගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 155 ක් පමණයි.

ජේසන් හෝල්ඩර් ලකුණු 34(24) ක් ලබාගත්තා. ෂේයි හෝප් ලකුණු 31 ක් රැස්කළ අතර ජොන්සන් චාර්ල්ස් සහ හේඩන් වෝල්ෂ් ලකුණු 30 බැගින් රැස්කළා.

තිසර පෙරේරාට රැස්කරගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 3 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඩේවීඩ් වීසා සිය පන්දුවාර 4 තුළ ලකුණු 25 ක් ලබා දී කඩුලු 05 ක් බිඳ හෙලීමට සමත් වුණා. වහබ් රියාස්, අල්සාරී ජෝෂප් හා Jeavor Royal අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස ඩේවිඩ් වීසා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...