අවලංගු කෙරුණු අවසන් ටෙස්ට් තරගය වෙනත් දිනයකදී පැවැත්වීමට අවධානය

Date:

අවලංගු කෙරුණු ඉන්දු – එංගලන්ත පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනත් දිනයකදී පසුව ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ තම ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව දෙරටේ ක්‍රිකට් ආයතන අදාළ තරගය යළි වෙනත් දිනයකදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත්, තරගය පැවැත්වීමට සුදුසු කාලයක් පිළිබද අධ්‍යනය කරමින් සිටින බවත් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හී දී අද(10) ආරම්භ වීමට නියමිතව තිබූ පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කළේ ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට පසුගියදා කොවිඩ් 19 ආසාදනය වීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඉන්දීය සංචිතය තුළ තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වනු ඇතැයි පවතින බිය හේතුවෙන් තරගය අවලංගු කිරීමට තීරණය කෙරුණා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට ද පසුගියදා නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

දෙරට අතර පැවැති ටෙස්ට් තරග 4න් තරග 2ක් ඉන්දියාව ජය ගත් අතර, එක් තරගයක් එංගලන්තය ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...