පළමු 20යි 20ට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න, ඩී කොක් හා මිලර් දකුණු අප්‍රිකාව පිලට

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අදින්(10) ආරම්භ වනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

මෙම තරගය සදහා කුසල් ජනිත් පෙරේරා යළි එක් වීමට නියමිතව සිටියද මේ වන විට වාර්තා වන්නේ ඔහුට අද තරගය ද අහිමි වන බවයි.

ජූලි මස මුල නිමා වූ එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව කුසල් ජනිත් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර හෝ දේශිය තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඒ අනුව අද තරගයේ දී ආරම්භක පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු සමගින් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇති.

අංක 3 පිතිකරු ලෙස යළිත් භානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

ප්‍රවීන් ජයවික්‍රම හෝ අකිල ධනංජය යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතිනවා.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගේ වෙනසක් අපේක්ෂා කළ නොහැකි අතර, අද දිනයේ දී මහීෂ් තීක්ෂණට ජාත්‍යන්තර 20යි 20 වරම් හිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

මේ අතර, අද තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත තිබෙනවා.

එක්දින තරගාලියට ක්‍රීඩා නොකළ ක්වෙන්ටන් ඩී කොක් හා ඩේවිඩ් මිලර් 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ටෙම්බා බවුමාගේ ආබාධය හේතුවෙන් 20යි 20 තරගාලියේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති කේශාව් මහරාජ්ට හිමිව තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම –

අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම/අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...