ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද සිට නේවාසික පුහුණු කදවුරක්

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සදහා නේවාසික පුහුණු කදවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (9) දිනයේ සිට එම පුහුණු කදවුර කොළඹ P සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන තරගාවලි හා ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම කදවුර සංවිධාන කර ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ජාතික කණ්ඩායමේ හා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙම කදවුරට එක් වන අතර, එය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වෙනු ඇති.

ක්‍රීඩිකාවන් අතර පුහුණු තරග ද සංවිධාන කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පුහුණු කදවුරට එක්වන ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න, වේග පන්දු පුහුණුකරු රවීන්ද්‍ර පුෂ්පකුමාර, පන්දු රැකීමේ පුහුණුකරු ලංකා ද සිල්වා හා දග පන්දු පුහුණුකරු දිනුක් හෙට්ටිආරච්චි යන අය පුහුණු කදවුරේ මෙහෙයවීම සිදු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...