ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕමාන තරග සංචාරයේ තරග කාලසටහන අද(9) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම ඔක්තෝබර් 3 වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඕමානය අතර 20යි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, එම තරග ඔක්තෝබර් 7 හා 9 යන දිනවලදී පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් වශයෙන් එම තරග සංචාරය සංවිධාන කර තිබෙනවා.

එම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය(ICC) සංවිධාන කරන පුහුණු තරග දෙකක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරග දෙක ඔක්තෝබර් 12 හා 14 යන දිනවලදී පැවැත්වෙනු ඇති.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...