T 20 ලෝක කුසලානය සදහා බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.

මහ්මුදුල්ලාහ්ගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට එක් වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

අත්දැකීම් බහුල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන රුබෙල් හුසේන් ප්‍රධාන සංචිතයට ඇතුළත්ව නොමැති අතර, ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර ඇත්තේ.

අනෙක් අතිරේක ක්‍රීඩකයා වන්නේ අමිනුල් ඉස්ලාම්.

ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ සෞම්‍ය සාකාර් ලෝක කුසලාන සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ටමිම් ඉක්බාල් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට පසුගියදා තීරණය කිරීම ද සාකාර්ගේ ස්ථානය ආරක්ෂා වීමට හේතු වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන අතර, තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Squad:

Mahmudullah (c), Shakib Al Hasan, Mushfiqur Rahim, Soumya Sarkar, Liton Kumar Das, Afif Hossain, Mohammad Naim, Nurul Hasan Sohan, Shamim Hossain, Mustafizur Rahman, Taskin Ahmed, Mohammad Saifuddin, Shoriful Islam, Mahedi Hasan, Nasum Ahmed.

Reserves:

Aminul Islam, Rubel Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...