චන්දිමාල් සමගින් T 20 ලෝක කුසලානයට නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට රටවල් කිහිපයක්ම සිය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ(8) දිනයේ දී ඉන්දියාව හා ඕමානය සිය සංචිත ප්‍රකාශයට පත් කළ අතර, මීට පෙර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා පැපුවා නිව් ගිනියාව යන රටවල් ද සිය සංචිත ප්‍රකාශයට පත් කළා.

සංචිත ප්‍රකාශයට පත් කිරීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ඒ ඒ ක්‍රිකට් ආයතන වෙත ලබා දී ඇති අවසන් දිනය වන්නේ හෙට(10) දිනයයි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය ද අද(9) හෝ හෙට(10) දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ අදාළ සංචිතය සදහා දිනේෂ් චන්දිමාල් හා මහීෂ් තීක්ෂණ ද ඇතුළත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

එමෙන්ම කමිදු මෙන්ඩිස් ද සංචිතයේ ස්ථානයක් වෙන් කර ගෙන ඇති බව සදහන්.

ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය හා රමේෂ් මෙන්ඩිස් අතිරේක ක්‍රීඩකයින් ලෙස ද නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකා තරගාවලියට නම් නොකළ ලක්ෂාන් සදකැන් හා අශේන් බණ්ඩාරට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ ද ස්ථානයක් හිමිව නැහැ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් ඇතුළත්.

කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසත්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙසත්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම දග පන්දු යවන්නන් ලෙසත් සංචිතයට නම් කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...