“සාර්ථකත්වයට හේතුව රංගන හේරත්” – නසුම් අහ්මඩ්

Date:

තමාගේ සාර්ථකත්වය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු යවන උපදේශක, ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ උපදෙස් බෙහෙවින් ඉවහල් වූ බව බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩක නසුම් අහ්මඩ් පවසනවා.

ඔහු මේ වන විට 20යි 20 තරග 13කදී බිද හෙලා ඇති කඩුලු ගණන 17ක්.

නවසීලන්තය සමග අද(8) පැවැති සිව්වැනි 20යි 20 තරගයේ දී ද ඔහු කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 10ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ නසුම් අහ්මඩ් කියා සිටියේ රංගන හේරත් සමග පුහුණු කටයුතු සිදු කිරීම සිය සාර්ථකත්වයට විශාල සහායක් වූ බවයි.

“හේරත් මාත් සමග පෞද්ගලිකවම කටයුතු කරනවා.අපි ගොඩක් දේවල් හුවමාරු කර ගන්නවා” යනුවෙන් නසුම් අහ්මඩ් සදහන් කළා.

“ඊයේ පුහුණුවීම් අතරතුර දී ඔහු මට කීවා තරමක් වේගය අඩුවෙන් පන්දු යවනවානම් ඉතා හොදයි කියලා. ඉතිං මම එය ඊයේ පුහුණු වුණා. ඒක අද තරගයේ දී යොදා ගන්න උත්සාහ කළා. “

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...