වනිඳු සතුව තිබූ වාර්තාව මහීෂ් තීක්ෂණගේ නමට

Date:

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(7) නව වාර්තා කිහිපයක්ම පිහිටුවීමට සමත් වුණා.

ඒ, 21 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින තරගයේ දී එක්දින වරම් දිනා ගනිමින්.

21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ඔහු බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එමෙන්ම ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් සිව්වැනි ක්‍රීඩකයා ලෙස ද මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණා.

මීට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි හා තිලාන් තුෂාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගෙන තිබුණා.

අද තරගයේ දී ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් මහීෂ් තීක්ෂණ වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් තරගයේ දී දග පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්.

මීට පෙර වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ පස් වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාව වන්නේ ද මහීෂ් තීක්ෂණ අද පෙන්නුම් කළ දක්ෂතාවයයි.

උවයිස් කර්නයින් ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...