මාස 18කට පසුව ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින්, මාස 18කට පමණ පසුව එක්දින තරගාවලි ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, දග පන්දු යවන්නන්ට වඩාත් හිතකර වූ කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 78ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 8කට පසුව වීම ද විශේෂත්වයක්.

දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, චරිත් අසලංක පන්දු 71කින් ලබා ගත් ලකුණු 47න් ශක්තිමත් වෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 31ක් හා දුෂ්මන්ත චමීර ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා. යළි ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමට කැදවනු ලැබූ දිනේෂ් චන්දිමාල් ලකුණු 9කට දැවී ගිය අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 16ක් ලබා ගත්තා. නායක දසුන් ශානක ලකුණු 13කට හා වනිදු හසරංග ලකුණු 6කට දැවී ගියේ අනවශ්‍ය පහරවල් කරා යොමු වීම හේතුවෙන්.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 3ක් ද, ජෝර්ජ් ලින්ඩ හා ටැබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී දකුණු අප්‍රිකා පිතිකරුවන්ට ස්ථාවර වීමට දග පන්දු යවන්නන් ප්‍රමුඛ කර ගත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.

ඒ් අනුව ඔවුන්ට පන්දුවාර 30ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ජෙනමන් මලාන් ලකුණු 18ක්, හෙන්රිච් ක්ලාසීන් ලකුණු 22ක්, ජෝර්ජ් ලින්ඩ ලකුණු 18ක් හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ ලකුණු 17ක් රැස් කරමින් දකුණු අප්‍රිකා ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුණා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4ක් බිද හෙලුවා. දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චරිත් අසලංක ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර ද, තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

https://twitter.com/cric12222/status/1435495681150500866

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...