මහීෂ් තීක්ෂණගෙන් තවත් වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(7) නව වාර්තාවක් සමගින් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

21 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ දී යි එලෙස එක්දින වරම් දිනා ගත්තේ.

21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

මෙම තරගයේ දී තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඒ, ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින්.

දකුණු අප්‍රිකා ඉනිමේ 10 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ඔහුගේ පන්දුවක් හමුවේ එලෙස දැවී ගියේ ජෙනමන් මලාන්.

දැවී යන විට පන්දු 19කින් ඔහු ලකුණු 18ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් සිව්වැනි ක්‍රීඩකයා ලෙසයි මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණේ.

මීට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි හා තිලාන් තුෂාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...