ඉන්දියාව තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණට

Date:

උමේෂ් යාදෙව් දවා ගත් කඩුලු 3 හා කඩුලු 2 බැගින් දවා ගනිමින් ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා හා ශර්දුල් තාකූර් දැක් වූ දක්ෂතාවය හමුවේ එංගලන්තය සමග පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 157ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දෙවැනි ඉනිමේ දී ලැබූ ශතකය (127) හේතුවෙන් රෝහිට් ෂර්මා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලබමින් කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වූ මෙම තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයත් සමග තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

තරගයේ අවසන් දිනයේ දී තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 291ක් ලබා ගත යුතු වූ අතර, ඔවුන් දිනය ආරම්භ කළේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 77ක් ලබා සිටියදීයි.

ලකුණු 368ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 210කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණේ ටෙස්ට් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහනයෙන් හෝ ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමේ අවස්ථාව සිය කණ්ඩායම වෙත සකසා ගනිමින්.

හසීබ් හමීඩ් ලකුණු 63 ක් හා රෝරි බර්න්ස් ලකුණු 50ක් රැස් කරමින් එංගලන්ත දෙවැනි ඉනිමට මනා ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 100 දී බිද වැටුණේ තරගය ජය ගැනීම සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තුවක් එංගලන්තයට ද ඉතිරි කරමින්.

කෙසේ වෙතත්, මැද පෙල පිතිකරුවන්ගේ අසාර්ථක භාවය හේතුවෙන් තරගයේ ජය එංගලන්තයෙන් කෙමෙන් කෙමෙන් ගිලිහී ගියා.

ජෝ රූට් ලකුණු 36යි. ඩාවිඩ් මලාන් ලකුණු 5කටත්, ඔලී පෝප් ලකුණු 2කටත්, ජොනී බෙයාර්ස්ටව් හා මොයීන් අලී ලකුණු නොලබාත් දැවී ගියේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට නතු කරමින්.

ලකුණු 6ක් තුළ එංගලන්ත මැද පෙල පිතිකරුවන් සිව් දෙනෙකු ම යළි ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වීම තරගයේ ජය ඔවුන්ට හිමි වීමට ප්‍රබල ලෙස බලපෑවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එංගලන්තය පළමු ඉනිමේ වැඩි වාසි තමන් සතු කර ගත්තේ සිය පළමු ඉනිමට ලකුණු 290ක් ලබා ගනිමින්.

අනතුරුව ඉන්දියාව සිය දෙවැනි ඉනිමේ දී තරගයට හොදින් අවතීර්ණ වූයේ ලකුණු 466ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...