අසාම් ඛාන් එද්දී ප්‍රබලයින් කිහිප දෙනෙකු 20යි 20 ලෝක කුසලානයෙන් ඉවතට

Date:

එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා සිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(6) ප්‍රකාශයට පත් කළා.

සුපිරි පිතිකරු බබාර් අසාම් විසින් නායකත්වය දරන මෙම සංචිතයට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉදිරියේදී පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලි සදහා ද මෙම සංචිතය යොදා ගැනීමට නියමිතයි.

දිගු කලක සිට පාකිස්තාන කණ්ඩායම නියොජනය කරන ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටම ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්වී නොමැති වීම කැපී පෙනෙනවා.

ඒ අනුව වහබ් රියාස්, ෂොයිබ් මලික් වැනි ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් නොවීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් කරුණක් වුණා.

එමෙන්ම පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක සර්ෆ්‍රාස් අහමඩ් හට ද ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයේ ඉඩක් වෙන්වී නැහෑ.

මෑතකදී විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වූ අසාම් ඛාන්ද සංචිතයට නම් කර තිබෙනවා.

ප්‍රහාරාත්මක පිතිකරු ෆකාර් සමාන් නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.

විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතය –

01. බාබර් අසාම් (c) 02. ශඩාබ් ඛාන් (vc) 03. අසීෆ් අලී 04. අසාම් ඛාන් 05. හැරිස් රාවුෆ් 06. හසන් අලී 07. ඉමාඩ් වසීම් 08. කුස්දිල් ශාහ් 09. මොහොමඩ් හෆීස් 10. මොහොමඩ් හස්නයින් 11. මොහොමඩ් නවාස් 12. මොහොමඩ් රිස්වාන් 13. මොහොමඩ් වසීම් 14. ශහීන් අෆ්රිඩි 15. සොහයිබ් මක්සූඩ්

අතිරේක ක්‍රීඩකයන් –

16. ශහ්නවාස් ධහානී, 17. උස්මාන් කාදීර් 18. ෆකාර් සමාන්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...