ෂර්මාගේ ශතකය තෙවැනි දිනයේ ගෞරව ඉන්දියාවට හිමි කර දෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(4) නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 270ක් රැස් කර සිටියා.

ඒ, රෝහිට් ෂර්මා රැස් කළ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින්. එය ඔහු සිය මව්බිමෙන් පිටතදී වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය වීම විශේෂත්වයක්.

ෂර්මා පන්දු 256කින් ලකුණු 127ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 14ක් සමගින්.

කේ.එල් රාහුල් ලකුණු 46ක් හා චෙටස්වර් පුජාරා ලකුණු 61ක් ලබා ගත්තා. නායක විරාට් කෝලි නොදැවී ලකුණු 22ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් කඩුලු 2ක් හා ජේම්ස් ඇන්ඩර්සන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191ක් පමණයි.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 290ක්.

ඒ අනුව ඉන්දියාව මේ වනවිට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 171ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...