දකුණු අප්‍රිකා නායකයාට ශ්‍රී ලංකා සංචාරයේ ඉතිරි සියලු තරග අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ(2) නිමා වූ පළමු එක්දින තරගයේ දී ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඉදිරි එක්දින තරග දෙකේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම කේෂාව් මහරාජ්ට පැවරී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට(4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...