LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායට නව හිමිකාරීත්වයක්; නමත් සංශෝදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගත් HAMRO සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Q ඛාන්ට හිමිව ඇති බව තරගාවලියේ සංවිධායකයින් වන Innovative Production Group (IPG) අද(2) නිවේදනය කළා.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් ලෙස මෙතෙක් හැදින් වූ එම කණ්ඩායමේ නම ද Dambulla Giants ලෙස සංශෝදනය කර ඇති බවයි IPG සමාගම නිවේදනය කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට පසුගිය ජූනි මාසයේ දී තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කෙරුණු බව සදහන්.

මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලැබුවේ බොලිවුඩ් නලු සචින් ජෝෂි විසින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර මෙම වසර අගදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...