පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන ලකුණු ; තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(2) පැවැත්වෙනවා.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග විකාශනය කිරීමේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත රූපවාහිනී නාලිකාවටයි.

Sony Ten / Ten Cricket යන නාලිකා ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කෙරෙනවා.

තරගාවලියේ සජීවී විස්තර විචාරයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සවන් දීමේ අවස්ථාව ද හිමි වනවා.

Dialog Viu App හා ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බවටයි අනාවැකි පලව ඇත්තේ.

තරගය සදහා මන්දගාමී හා දග කැවෙන තණතීරුවක් ලැබෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...