යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක පත් වන ලකුණු

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ නම ඒ සදහා නිර්දේශ වී ඇතත්, මෙතෙක් ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් අනුමැතිය ලැබී නොමැති බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

අවිශ්ක ගුණවර්ධන මහතා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද පාකිස්තාන එක්දින තරගාවලිය වෙනුවෙන් පත්කර තිබූ නමුත්, අදාළ තරගාවලිය කල් දැමීමටයි පසුගියදා තීරණය කෙරුණේ.

44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධනට මීට පෙර දූෂන චෝදනා එල්ල වී තිබූ නමුත්, ඔහුව එම චෝදනාවලින් නිදහස් කළ බව පසුගිය මැයි මාසයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඔහුට කිසිදු බාධාවක් නැහැ.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ලෙස ද ඔහු කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...